හානිකර නොවූ පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම

හානිකර නොවූ පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම බෙනයින් ප්‍රොස්ටැටික් හයිපර්ප්ලේසියා (Benign Prostatic Hyperplasia (BPE) යනු පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම නිසා ඇතිවන, ඔබේ මුත්‍රා කිරීම කෙරෙහි බලපාන තත්ත්වයක් සඳහා යොදනු ලබන වෛද්‍ය විද්‍යාත්මක යෙදුමයි. BPE අවුරුදු 50 ඉක්මවූ පිරිමි අතර පොදු තත්ත්වයකි. එය පිළිකාවක් නොවන අතර සාමාන්‍යයෙන් සෞඛ්‍ය කෙරෙහි බරපතළ තර්ජනයක් එල්ල නොකරයි. බොහෝ පුරුෂයින් පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම නිසා ඔවුන්ට පුරස්ථී ග්‍රන්ථි පිළිකා වැළඳීමේ ඉඩකඩ වැඩි වේ යැයි වද වෙයි. මෙය එසේ නොවේ. පුරස්ථී පිළිකා අවදානම පුරස්ථී ග්‍රන්ථිය විශාල නොවූ පිරිමින්ට වඩා පුරස්ථී ග්‍රන්ථිය විශාල වූ පිරිමින්ට වැඩි නැත.

හානිකර නොවූ පුරස්ථී ග්‍රන්ථිය විශාල වීමේ රෝග ලක්ෂණ

පුරස්ථී ග්‍රන්ථිය (Prostate) යනු, ශ්‍රෝණිය (Pelvis) තුළ, ශිශ්නය (Penis) හා මුත්‍රාශය(Bladder) අතර පිහිටා ඇති කුඩා ග්‍රන්ථියකි. පුරස්ථී ග්‍රන්ථිය විශාල වුවහොත්, එමගින් මුත්‍රා පිටවන නලය වන මුත්‍ර ප්‍රණාලය හා මුත්‍රාශය මත පීඩනයක් එල්ල කල හැක. මෙය ඔබේ මුත්‍ර පහ කිරීම කෙරෙහි බලපෑ හැකි අතර පහත දැක්වෙන දේවල් ඇති විය හැක:

  • මුත්‍ර පහ කිරීම ආරම්භ කිරීමේ අපහසුතාව
  • නිරන්තර මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම
  • ඔබේ මූත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීමට අපහසු වීම සාමාන්‍ය පුරස්ථී ග්‍රන්ථියක හා විශාල වූ පුරස්ථී ග්‍රන්ථියක රූප සටහනක්.

සමහර පිරිමින්ගේ රෝග ලක්ෂණ උග්‍ර නොවන අතර ප්‍රතිකාර අවශ්‍ය නොවේ. අනෙක් අයගේ, ඒවා ඉතා කරදරකාරී විය හැක.

හානිකර නොවූ පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම ඇති වීමට හේතු

පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම ඇති වීමට හේතුව අපැහැදිලි අතර, නමුත් එය පුරුෂයෙකු වයස්ගත වීමත් සමඟ ඇතිවන හෝමෝන වෙනස්කම් හා බද්ධ වී ඇතැයි විශ්වාස කෙරේ. ඔබේ සිරුරේ ඇති හෝමෝනවල සමතුලිතතාව ඔබ වයස්ගත වීමත් සමඟ වෙනස් වන අතර එය ඔබේ පුරස්ථී ග්‍රන්ථිය වර්ධනය වීම කෙරෙහි බලපානවා විය හැක.

හානිකර නොවූ පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම හඳුනා ගැනීම

ඔබට පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ඔබව එකිනෙකට වෙනස් පරීක්ෂණ කීපයකට භාජනය කරනු ඇත. ඔබේ පවුලේ වෛද්‍යවරයා මුත්‍රා පරීක්ෂණයක් වැනි මින් සමහරක් පරීක්ෂණ සිදු කළ හැකි අතර, අනෙක්වා රෝහලකදී සිදුකිරීම අවශ්‍ය විය හැක. BPE ට සමාන රෝග ලක්ෂණ සහිත පුරස්ථී පිළිකා වැනි වෙනත් තත්ත්ව බැහැර කිරීම සඳහා සමහර පරීක්ෂණ කිරීම අවශ්‍ය විය හැක.

හානිකර නොවූ පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම සඳහා ප්‍රතිකාර කිරීම

ඔබේ රෝග ලක්ෂණ වල බරපතලකම මත විශාල වූ පුරස්ථී ග්‍රන්ථියක් සඳහා වන ප්‍රතිකාර රඳා පවතියි. ඔබට ඇත්තේ උග්‍ර නොවන රෝග ලක්ෂණ නම්, සාමාන්‍යයෙන් ඔබට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය නොවන අතර, නමුත් ඔබව නිරන්තර ක්‍රමවත් පුරස්ථී ග්‍රන්ථි පරීක්ෂාවන් සඳහා යොමු කෙරෙනු ඇත. ඔබට පහත දැක්වෙන ආකාරයේ වෙනස්කම් ඔබේ ජීවන රටාවට සිදු කිරීමට උපදෙස් ලබා දිය හැක:

සාමාන්‍ය මට්ටමේ හෝ උග්‍ර පුරස්ථි ග්‍රන්ථිය විශාල වීමේ රෝග ලක්ෂණ ඇත්නම්, පුරස්ථී ග්‍රන්ථියේ විශාලත්වය අඩුකිරීම හා ඔබේ මුත්‍රාශය ඉහිල් කිරීම සඳහා ඖෂධ නිර්දේශ කළ හැක. සාමාන්‍ය මට්ටමේ හෝ උග්‍ර රෝග ලක්ෂණ ඖෂධ මගින් සමනය නොවුණොත් පමණක් ශල්‍යකර්ම සාමාන්‍යයෙන් නිර්දේශ කෙරේ.

හානිකර නොවූ පුරස්ථී ග්‍රන්ථිය විශාල වීමේ සංකූලතා

හානිකර නොවූ පුරස්ථී ග්‍රන්ථිය විශාල වීම සමහර අවස්ථාවලදී පහත දැක්වෙන ආකාරයේ සංකූලතාවලට හේතු විය හැක, ඒවා නම්:

කෙටි කලක් තුළ ඇති වූ මුත්‍රා රඳවා තබා ගැනීම (ඇකියුට් යුරිනරි රිටෙන්ෂන් -Acute Urinary Retention (AUR)) යනු එක්වරම ඇතිවන මුත්‍ර පිට කිරීමේ නොහැකියාවයි. AUR හි රෝග ලක්ෂණ වන්නේ:

  • මුත්‍රා පහ කිරීමට හදිසියේම සම්පූර්ණයෙන්ම නොහැකි වීම
  • උග්‍ර යටි බඩේ වේදනාව
  • ඔබේ අත්වලට දැනෙන මට්ටමට මුත්‍රාශය ඉදිමී තිබීම

ඔබට AUR හි රෝග ලක්ෂණ ඇති වුවහොත් ළඟම ඇති හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය ලබා ගන්න.